ස්වීඩන් ජාතික දේශගුණික ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් ‘කරදරකාරියක්’ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ගාසා තීරයට ආධාර රැගෙන සුමුඩ් ෆ්ලෝටිලා නෞකා සමූහයේ පැමිණි ග්‍රේටා ඇතුළුව ලොව පුරා රටවල් ගණනාවක ක්‍රියාකාරීන් ඊශ්‍රායල රජය විසින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරයේදී මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් මේ බව පැවසුවා.
ග්‍රේටා තුන්බර්ග් දැඩි ලෙස විවේචනයට ලක්කරමින් ට්‍රම්ප් ප්‍රශ්න කරන්නේ ඇය තවදුරටත් පරිසරය කෙරෙහි අවධානය යොමු නොකරන්නේ ඇයි ද? යන්නයි.
ඇයටකෝපය පාලනය කිරීමේ ගැටලුවක් ඇති බවයි ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේ
ඇය වෛද්‍යවරයකු හමුවිය යුතු බවත් ට්‍රම්ප් සඳහන් කළා.
“ඇය තරුණියක්. නමුත්ඇය ඉන්නේ ඉතාමත් කෝපයෙන් වගේම ඇය උමතු තත්ත්වයෙන් සිටින බව මට පෙනිලා තියෙනවා. ඇයට කේන්ති ගන්නමයි ඕන. ඔබ කවදාහරි එයා දිහා ටිකක් බලන් හිටියා නම් තේරේවි ඇය ඉන්නේ කොච්චර කේන්තියකින් ද කියලා” යැයි ට්‍රම්ප් පවසනවා. "ඔබට ඇයව තියාගන්න පුළුවන් හැබැයි ඇය කරදරකාරියෙක් විතරයි" ට්‍රම්ප් තවදුරටත් පැවසුවා.
ග්‍රේටා 22 හැවිරිදි තරුණියක්.
ස්ටොක්හෝම්හි උපත ලද ඇය, පරිසර ක්‍රියාකාරීනියක ලෙස ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ 2018 සහ 2019 පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සහ දේශගුණික ක්‍රියාකාරී සමුළුවේදී ඇය කළ කතාවලින් පසුවයි. එහිදී ඇයගේ සුප්‍රකට "ඔබට කොහෙන්ද එච්චර හයියක්" කථාව අතිශය කතාබහට ලක්වූවක්.
ඇය ලොව පුරා පාරිසරික දැනුවත්භාවයට සහ යොවුන් සහභාගීත්වයට බලපෑ‘ග්‍රේටා බලපෑම’ ඇති කළ බවට ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. ඇය 2019 දී ටයිම් සඟරාවේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනාඅතරට සහ වසරේ පුද්ගලයා ලෙස ද නම් කර තිබුණා.
ග්‍රේටා ඇස්පර්ගර් සින්ඩ්‍රෝමය, අනිවාර්ය-සංසන්දනාත්මක ආබාධය සහ තෝරාගත් නිශ්ශබ්දතාවය ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන බවට හඳුනාගෙන තිබෙන බවයි ඇතැම් විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
කෙසේ වෙතත්, ඇය ඇස්පර්ගර් රෝගය තමන්ට ඇති ‘සුපිරි බලයක්’ලෙස විස්තර කරන්නේ, එය පාරිසරික ගැටලු කෙරෙහි ඇයට අවධානය සහ පැහැදිලිකම ලබා දෙන බැවින් බවයි ඇය අවධාරණය කර ඇත්තේ.